පාර්ලිමේන්තුව තුළ කෑම ලබා නොගන්නා බවට හෝ වාහනයක් ලබා නොගන්නා බවට ප්‍රකාශ කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට හාල්, පොල් රැගෙනවිත් උයාගෙන කෑමට නොහැකි බවත් සෑම රටකම ලබාදෙන පරිදි ආහාර වේලක් ලබාදිය යුතු බවටත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
රුපියල් 15ක්ව පැවති පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල ඉහළ නැංවීමට දෙවතාවකදීම යෝජනා කලේ ඔවුන් විසින් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
උසස් දේශපාලන වටපිටාවක් රට තුළ ගොඩ නැගීමට යන අවස්ථාවක ඉතාමත් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට කටයුතු නොකරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.