පාර්ලිමේන්තුව සඳහා අලුතින් තේරීපත්ව පැමිණි මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස ලබාදීම එළැඹෙන දෙසැම්බර් 03 වනදා සිට ආරම්භ කිරිමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.
ඒ වෙනුවෙන් මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණය ආශ්රිත අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් තිබෙන බවද වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ වන විටත් නවක මන්ත්‍රීවරුන් 30ක් පමණ නිවාස සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර තිබේ.
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස 116ක් ඇති අතර කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුලත නිවසක් නොමැති මන්ත්‍රීවරුන්ට නිවාසයක් ඉල්ලා අයදුම් කිරිමට අවස්ථාව ඇත.