ගනේමුල්ලේ සංජීව ඝාතනය කර ඇත්තේ අත්අඩංගුවේ පසුවන කොමන්ඩෝ සමිඳු නැමැත්තාමද යන්න පිළිබඳව හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් සිදුකර විශේෂඥ නිර්දේශයක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඒ අනුව ඝාතනය සිටු වූ අධිකරණයේ සී.සී. ටී.වී දර්ශන ඔස්සේ පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙම පරීක්ෂණයට අමතරව සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ඩී.එන්.ඒ පරීක්ෂණයක් ඇතුළු පොලිසියෙන් බැහැර විශේෂඥයන්ගේ සාක්ෂි ලබා ගැනීම සිදුකරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවේ පසුවන සැකකරු විසින් ගනේමුල්ලේ සංජීව ඝාතනය කළ බවට තොරතුරු සහ සාක්ෂි රැසක් ලැබී තිබෙන බවත් ඒ අනුව ඝාතකයා ඔහුම ද යන්න වැඩිදුර පරීක්ෂණවලින් තහවුරු කරගත යුතු බවත් බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසීය