වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේ වසන්ත සමරසිංහ විසින් ජනාධිපති කාර්‍යාලයේ සුඛෝපභෝගී මෝටර් රථ 107ක ලැයිස්තුවක් ප්‍රදර්ශනය කළත්, පසුගියදා විකිණීම සඳහා ටෙන්ඩර් දමා ඇත්තේ මෝටර් රථ 18ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු පවසයි.
රේන්ජ් රෝවර් වර්ගයේ වාහනක් දෙකක් අඩුවීම සම්බන්ධව සිතාගන්නට හැකි වුවත් අනෙකුත් මෝටර් රථ සඳහා සිදුකළ දේ ආණ්ඩුව අනාවරණය කළ යුතු බවද ඒ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් චිත්‍රාල් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපරික ජේම්ස් පැකර් මෙරටට පැමිණීමට විරෝධතා දැක්වූවන් එසේ සිදුකළේ වත්මන් ආණ්ඩුවේ ගජමිතුරු ධම්මික පෙරේරා ගේ වාසිය පිණිස බවද ඒ මහතා සිහිපත් කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චිත්‍රාල් ප්‍රනාන්දු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
පසුගිය රාජපක්ෂ පාලනය කාලේ ජේම්ස් පැකර්ල ලංකාවට එන්න හදද්දි අපි ඒකට විරෝධය පෑවා. ඒ අපේ දේශීය කර්මාන්ත, ව්‍යාපාර වගේම ආර්ථිකයේ ජාතික පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.
ජේම්ස් පැකර් කියන්නෙ මොනව කරන කෙනෙක් ද කැසිනෝ ව්‍යාපාරිකයෙක්. එතකොට ජේම්ස් පැකර් ගේනඑකට විරුද්ධ වෙලා අපි රැකගත්ත දේශීය කර්මාන්තය මොකක් ද ? කාගෙද ඒ දේශීය කර්මාන්තය ?
මෙතන ඉන්නවනෙ කීපදෙනෙක්.. නම කියන්න ඔබතුමාල කාගෙද කියල… ඔබතුමාලගෙ ගජ මිත්‍රයෙක්. ධම්මික පෙරේරා. එතුමගෙ තමයි මේ දේශීය කර්මාන්ත නගා සිටුවීම. ජේමිස් පැකර් ආවෙ නැති එකෙන් වාසියක් වුණානම් වුණේ ධම්මික පෙරේරට විතරයි.
අදානි ව්‍යාපෘතිය දාල ගිය එක වෙන කතාවක්. හැබැයි ජනාධිපතිවරයා මෙතෙන්ට ඇවිල්ල ඉතාම ලොකුවට කිව්ව ‘සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ මෙගාවොට් 50 ක ව්‍යාපෘතියට අදාළ විදුලි ඒකකයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ශත 4.65 ක මිලකට පසුගියදා ටෙන්ඩරයක් නියම කළා‘. මෙහෙ කියල ආයෙ කියනවා දේශීය ව්‍යාපාරිකයො ඉන්නව මේව කරන්න, මොකටද මේ ගාණට දෙන්නෙ කියල. කවුද මේ දේශීය ව්‍යාපාරිකයා. ඒත් ධම්මික පෙරේරා. ඒක තමයි ඇත්ත කතාව. හේලීස් එකට තමයි දීල තියෙන්නෙ.
අදානි හදන්න හැදුවේ 500 මෙගාවොට්. මේක 50 මෙගාවොට්. 500 මෙගාවොට් දෙන්න හදද්දි ඒකම ධම්මික පෙරේරාට 500 මෙගාවොට් හදන්න කියල මේ 4.65 ට දෙයිද කියල බලන්න. මම දන්නෑ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරලද කියල මට තේරෙන්නෙ නෑ. ඔන්න මම නම් ටික කිව්ව. අදානිගෙ එක වෙනයි මේ 50 මෙගාවොට් එක වෙනයි. ජනාධිපතිතුමා හරි ලස්සනට මේ දෙක පටලල කතාකළා. හැබැයි මතක තියාගන්න අපි මොකටද පිටරකට දෙන්නෙ අපේ දේශීය ව්‍යාපාරිකයො අපිට දෙනව 4.65 ගාණෙ කියල ඔන්න කිව්ව.
අද විශාල සංදර්ශනයක් මේ කෑම බිල, වාහන, ආරක්ෂාව, මේ රක්ෂණය. මම පළාත් සභාවෙන් දේශපාලනය පටන්ගත්තෙ. පළාත් සභා එපා කියල මේ රටේ මොන ඩෙගාවක් නැටුවද මේ ගොල්ලො. හැබැයි පළාත් සභා ඇතුලට ඇවිල්ල මෙයාලත් වැඩ කලානෙ. නාමල් කරුණාරත්න මන්ත්‍රීතුමා එහෙම මට එහාපැත්තෙ හිටියෙ. එතුමා ලොකු සේවයක් කලා පලාතට. එපා එපා කියල කෑගැහුවට. පළාත් සභාවෙ අවුරුදු විසිගාණක් මේ ගොල්ලො පර්මිට් එක ගත්තා. මම අරගෙන නෑ. ඔබතුමාල කියන ඒව සම්පූර්ණ බොරු. පර්මිට් නතර කළේ ඔබතුමාල නෙමෙයි, 2013 ඉඳන් පළාත් සභාවෙ පර්මිට් නතර කරල.2020 ඉඳන් පාර්ලිමේන්තුවේ පර්මිට් එක නවත්තලා. ඒ නිසා බොරු කියන්න එපා.
ජනාධිපති කාර්යාලය විසින් සුඛෝපභෝගී වාහන ටෙන්ඩර් දැන්වීමක් දාල තියෙනවා. වාහන තියෙන්නෙ 18 යි. මං ගාව තියෙනවා වසන්ත සමරසිංහ ඇමතිතුමා එළියට දාපු, අර ආණ්ඩු මාරු වෙච්ච ගමන් ගෝල්ෆේස් එකට ඇවිල්ල නැටුවෙ, වාහන තියෙනව 107 ක්. ඉතුරු වාහන ටික කෝ ?මට රේන්ජ්රෝවර් එකක් දෙකක් නැතිවෙච්ච එක ගැන හිතාගන්න පුළුවන්. හැබැයි අනිත් ටිකට මොකද වුණේ කියල මම අහනව. හිතන්න ඉන්ෂුවරන්ස් එක ගැන. ජනාධිපතිතුමා මෙතනට ඇවිත් කියනවා මන්ත්‍රී රක්ෂණය ලක්ෂ 10 ඉඳන් ලක්ෂ දෙකහමාරට අඩු කළා කියල. එළියෙන් ඉන්න මිනිස්සු හිතන්නෙ ලක්ෂ හතහමාරක් ඉතුරු කළා කියල. ලක්ෂ හතහමාරක් ඉතුරු වෙන්නෙ නෑ, ඒක කම්පැනියෙන් ගෙවන ගාණ. කීයද්ද වාරිකය අඩුවුණේ කියල කියන්න. ඒක බොහොම සොච්චම් ගාණක්.අපිට ලක්ෂ දෙකහමාරක් කියල ලක්ෂ හතහමාරක් අඩු වෙන්නෙ නෑ, ඒ ලක්ෂ දෙකහමාරත් තියාගන්න, දැන් තියෙන වෛද්‍ය වියදම් එක්ක ඒ දෙකහමාරෙන් කළ හැකි මගුලක් නෑ. ඒ නිසා ඒ දෙකහමාරත් තියාගන්න කියල මං යෝජනා කරනවා