Home Hit මේ වගේ ඇමතිවරුන්ගෙන් සත්‍ය සාධාරණත්වය ඉටුවෙයි කියලා බලාපොරොත්තුවෙන්න බෑ – කාදිනල් හිමිපාණන්

මේ වගේ ඇමතිවරුන්ගෙන් සත්‍ය සාධාරණත්වය ඉටුවෙයි කියලා බලාපොරොත්තුවෙන්න බෑ – කාදිනල් හිමිපාණන්

83

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව පොලිස් විෂය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රතිචාර දක්වා සිටියා.

කාදිනල් හිමිපාණන් ඊයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පෙරවරුවේ දේවස්ථානයේ CCTV දර්ශනවල දැක්වෙන පුද්ගලයෙකු පිළිබඳව හෙලිදරව්වක් සිදු කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් මීරීගම – නුංගමුව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර කියා සිටියේ, සිද්ධියේ ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වන බවයි.

කෙසේ වෙතත්, රාගම – තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ අද පැවති විශේෂ දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කියා සිටියේ පොලිස් විෂය භාර අමාත්‍යවරයාගෙන්, සත්‍ය හා සාධාරණත්වය ඉටු වේ යැ යි විශ්වාස කළ නො හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here