Home Hit මිල පාලනයට ඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසර

මිල පාලනයට ඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසර

43

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවද බවද ඔහු සඳහන් කළේය.

සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය.

මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here