Home Hit පොහොට්ටුවේ පාලක ලේකම්ගේ නම ලිට්‍රෝ සභාපති ධුරයට යෝජනා වෙයි

පොහොට්ටුවේ පාලක ලේකම්ගේ නම ලිට්‍රෝ සභාපති ධුරයට යෝජනා වෙයි

133

ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ බහුතර කොටස් හිමි මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එම නිර්දේශය ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් ඒ සඳහා මෙතෙක් අවසන් අනුමැතියක් ලැබී නොමැති බවද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළා.

රේණුක පෙරේරා මහතා මීට පෙර නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල අතර එම ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූයේ රාජ්‍ය ඇමති සමග ඇති වූ මත ගැටුමක් නිසාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුතුරාජවෙල ලිට්‍රෝ ගබඩා සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here