Home Hit ගෑස් සම්බන්ධයෙන් ගැසට් නිවේදන කිහිපයක්

ගෑස් සම්බන්ධයෙන් ගැසට් නිවේදන කිහිපයක්

86

ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිය අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදන පලකිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව 126 – ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් – SLS 712, 127- ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්  සඳහා හෝස් සහ හෝස් එකලස් කිරීම් – SLS 1172, 128- ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සිලින්ඩරය සමඟ භාවිතය සඳහා කපාට (වෑල්ව) සවි කිරීම් – SLS 1184, 129- පීඩන නියාමක සහ ස්වයංක්‍රීය ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා වෙනස් කිරීමේ උපකරණය – SLS 1180 යන ගැසට් නිවේදන මේ අනුව නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදන අනුව මහින් ඉදිරියට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ආනයනය කරනු ලබන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත අයදුම්පත් ඉදිරිපත් කර එම ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් රේගුවෙන් නිදහස් කිරීමට පෙර ප්‍රමිති සහතිකය ලබා ගැනීමෙන් පසු එය ඉදිරිපත් කිරීමෙන් පසු රට තුළට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ඇතුළු කිරීමට අවසර හිමි වේ.

මෙම ක්‍රියාමාර්ගයෙන් පසු ප්‍රමිතියෙන් තොර  ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග රට තුළට ඇතුළු නොවනු ඇතැයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here