Home Hit භානුක තම ඉල්ලා අස්වීම, ඉල්ලා අස්කර ගනියි

භානුක තම ඉල්ලා අස්වීම, ඉල්ලා අස්කර ගනියි

106

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ගත් තීරණය යළි ඉවත් කර ගැනීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

මේ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බව වාර්තා වෙයි. භානුක රාජපක්ෂ හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12දා) කොළඹදී පැවැතියේය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබඳව යළි සළකා බලන ලෙසයි. ඒ අනුව ඒ බව තමන් පැය 24ක් තුළ දැනුම් දෙන බව භානුක එහිදී සඳහන් කර තිබුණි.

නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ගැටුලු හේතුවෙන් භානුක ක්‍රිකට් පිටිියෙන් විශ්‍රාම ගැනීමට තිරණය කර තිබුණ බවට තොරතුරු වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here