Home අද ජෙරොම්ගේ පවුලේ ගිණුම්වල රුපියල් මිලියන 12,000ක්

ජෙරොම්ගේ පවුලේ ගිණුම්වල රුපියල් මිලියන 12,000ක්

1860
0

වාර්ගික සහ ආගමික සංහිඳියාව (ICCPR) කඩ කරමින් අන්තර්ජාලය ඔස්සේ අන්‍ය ආගම් සහ ආගමික විශ්වාසයන් විවේචනය කළ බව කියන ෆෙඩ්‍රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු හෙවත් තමන් දිවැසිවරයෙක් ලෙස ඔහු විසින්ම හඳුන්වාගනු ලබන තැනැත්තා Miracle Dome නැමති ස්ථානය ගොඩනැගීමට බිලියන 6.1ක් මුදලක් වැය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් හෙළි වී තිබේ.

කටුනායක වේයන්ගොඩ පාරේ පිහිටි Miracle Dome හි පන්දහසකට අසුන් ගත හැකි අතර එහි සිට ජෙරොම් ප්‍රනාන්දු සිය දේශන පැවත්වූ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ජුලි 7 වැනිදා සිට 12 වැනිදා දක්වා එම ස්ථානයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ගොනු කර තිබෙනවා.

රුපියල් බිලියන 12කට අධික මුදලක් ජෙරොම් දේවගැතිවරයාගේ පෞද්ගලික ගිණුම්වලට, ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරවල ගිණුම්වලට, ඔහුගේ යාච්ඤා පැවැත්වූ ස්ථානයේ ගිණුම්වලට සහ ඔහුගේ බිරිඳ වන මෙලනි ඩයෑන් වැන්කුලන්බර්ග්ගේ නමින් ඇති රජයේ සහ පෞද්ගලික බැංකු 12ක ගිණුම්වලට ලැබී තිබුණ බව එම වාර්තාවේ සඳහන් වන අතර මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා Miracle Dome හි පැවැත්වූ දේශන 10ක සංස්කරණය නොකළ CD තැටි දෙකක් පොලිස් භාරයට ගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

එම ආයතනයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී සචින් ධනුෂ්ක පුංචිහේවාගේ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති අතර එහි සිටි තවත් සේවිකාවක් වන අශේල් මේනකා ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ CCTV දර්ශන නොතිබූ බවයි. එම දර්ශන කඩිනමින් ලබාදෙන බව ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇතත් මෙතෙක් ඒවා ලැබී නැත. සචින් ධනුෂ්ක පුංචිහේවා මෙම විමර්ශනයට අවශ්‍ය සාක්ෂි හිතාමතා වසන් කරන බැවින් ඔහුට නොතීසි නිකුත් කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම පසුගිය ජුලි 18 වෙනිදා, ජෙරොම් දේවගැතිවරයාට අයත් බව කියන King’s Revival Church, අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුව මත සෝදිසි කර, වාර්තාව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලදී. ජෙරොම් දේවගැතිවරයා 2001 වසරේ සිට එහි භාෂා තුනෙන්ම දේශනා කළ බවත් එහි ස්ථිර සාමාජිකයන් 1200ක් සිටි බවත් වාර්තාවේ සඳහන් විය. එහි භාරකරු කේ.ආර්.ඒ.සී. කුලසේකර සඳහන් කළේ එහි පැවති දේශන පටිගත කර නොමැති බවයි. එමෙන්ම ගල්කිස්ස මෙනේරිගම ප්‍රදේශයේ ජෙරොම් දේශන පැවැත්වූ තවත් ස්ථානයක් පරීක්ෂා කළ බවද පොලීසිය දන්වා තිබෙනවා.

සැකකාර දේවගැතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට කල්මුණේ මරදගහමුල ජමියතුල් උලමා සංවිධානයේ සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එහි සභාපති පී.එම්.එස්.ඒ. අන්සාර් මව්ලානා ප්‍රකාශ කළේ ජෙරොම් නැමැත්තා ඉස්ලාම් දහම සහ එහි බැතිමතුන් සම්බන්ධයෙන් ද්වේෂ සහගත ප්‍රකාශ කර ඇති බවයි.

ජෙරොම් දේවගැතිවරයාට අයත් බැංකු ගිණුම් හරහා රුපියල් මිලියන ගණනක මුදල් හුවමාරු වී ඇති බව රහස් පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා නියෝග ඉල්ලා සිටියේය.

මැයි 15 වැනිදා රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ගොනුකරමින් දේවගැති ජෙරොම්ට එරෙහිව විදේශ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටියේය. එය ලබා දී ඇතත්, ඊට පෙර දින (මැයි 14) සැකකාර දේවගැතිවරයා ඒ වන විටත් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

Daily News ඇසුරෙන් 

Previous articleජාතික ජනබලවේගය ක්‍රිකට් ජනසතු කිරීමට සැරසේ
Next articleපළාත් සභා තවදුරටත් අවශ්‍ය නම් අඩුපාඩු සකස් කරගත යුතුයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here