Home Hit කුසල්,ධනුෂ්ක,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයට කැඳවයි

කුසල්,ධනුෂ්ක,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයට කැඳවයි

287

එංගලන්තයේදී විනය විරෝධීව හැසිරීමට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම තවම ඉවත් කර නොමැති බව ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තිදෙනාට අන්තර් පළාත් තරගාවලියට සහභාගි වීමට අවසර ලැබී ඇති බව දැනගන්නට ඇති අතර මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක තහනමට අමතරව රුපියල් කෝටිය බැගින් කෝටි තුනක දඩයක් ද නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here