Home Business CCC සිට CC දක්වා පහත වැටුනශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම

CCC සිට CC දක්වා පහත වැටුනශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම

648

ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළා තිබෙනවා.

මෙතෙක් එය CCC යන කාණ්ඩයේ පැවති අතර නවතම වර්ගීකරණයවට අනුව එය CC යන මට්ටම දක්වා පහත හෙළා ඇති බව සඳහන්.

විදේශ සංචිත සීඝ්‍රයෙන් පහළ යාම සහ ඩොලර් අර්බුදය වැනි ආර්ථික කරුණු ගණනාවක් මීට බලපා තිබෙනවා.

එමෙන්ම ඉදිරි කාලසීමාව සැළකීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අවධානම් වනු ඇති බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

පසුගිය අගෝස්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 02 කින් පමණ අඩුවීමත් පවතින තත්වයත් සැළකීමේදී ඉදිරි වසර 02 සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික නියමිත පරිදි පියවීම පිළිබඳ ගැටලුවක් නිර්මාණය වනු ඇති බවද ෆිච් රේටිංග්ස් ආයතනය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here