Home Hit ‘ඒක ලොකු පොතක් වගේ එකක් – ඇත්තටම මම ඒක බැලුවේ නෑ’ –...

‘ඒක ලොකු පොතක් වගේ එකක් – ඇත්තටම මම ඒක බැලුවේ නෑ’ – ඇමති ප්‍රසන්න

151

LNG ගිවිසුම අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන බැවින් තමන් එය නොබැලු බවත් නමුත් එය ඉදිරිපත් කල නිලධාරීන් ඒ පිලිබඳ කරුණු ඉදිරිපත් කල බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී එය සාකච්ඡා කිරීමක් සිදුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව සඳහන් කළා.

“ඒක ලොකු පොතක් වගේ එකක් ඒක අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා. ඇත්තටම මම ඒක බැලුවේ නෑ. හැබැයි ඒකේ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කලා. ඒ අනුව කැබිනට් එකේදි ඒ පිලිබඳව සාකච්ඡා කරනවා කියලා තමා කිව්වේ.

ඒ වගේම අදාල ගිවිසුමේ සමහර කෙටුම්පත් පවා පක්ෂ නායකයින්ට දුන්නා සාකච්ඡා කරලා කතා කරලා ඒ ගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතිං ඒ කාලසීමාව තමයි මේ තියන්නේ. කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. වඩාත් නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here