Home Hit ආර්ථිකය, දේශපාලනය සහ සමාජ ජීවිතය මුළුමනින්ම බිඳ වැටී අවසන් – ලාල්...

ආර්ථිකය, දේශපාලනය සහ සමාජ ජීවිතය මුළුමනින්ම බිඳ වැටී අවසන් – ලාල් කාන්ත

125

මේ වන විට මෙරට ආර්ථිකය, දේශපාලනය සහ සමාජ ජීවිතය මුළුමනින්ම බිඳ වැටී අවසන් බවත් එලැඹෙන වසර වන විට ලබා ගත් ණය ගෙවාගත නොහැකිව ලංකාව සාගතයක් සහිත රටක් බවට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වන විට මෙරට ආර්ථිකය, දේශපාලනය, සමාජ ජීවිතය මුළුමනින්ම බිඳ වැටිලා ඉවරයි. දැන් ඒ ඔස්සේම යනවා හැරෙන්න රජයට වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මේ පාලකයන් පලවා හැර ප්‍රගතිශීලී පොදුජන පාලනයක් ස්ථාපිත කිරීමට හැර වෙන උත්තරයක් නැහැ. රජය බලය පවත්වා ගැනීම සඳහා ප්‍රාදේශීය දේශපාලකයන්ට මුදල් බෙදා දීමට සැලසුම් කර තිබෙනවා. මේ මුදල් බෙදන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා නොවේ. සල්ලි අච්චු ගහලයි බෙදාහරින්නේ. ඒ තුළින් තව තවත් උද්ධමනය ඉහළ යනවා හැරෙන්න ජනතාවට වෙන සෙතක් නැහැ. ආණ්ඩුවේ ප්‍රාදේශීය හෙන්චයියන් කිහිපදෙනෙක් පමණක් ඒ තුළින් සතුටු වෙනවා හැරෙන්න පොදු ජනතාවට ඉන් ඇතිවන ඇතිවන ප්‍රතිලාභයක් නැහැ .

දැන් පාලකයන් ගත් ණය ගෙවන්න තව ණය හොයන්න වෙන රටවලට දුවනවා . බැසිල් රාජපක්ෂ රට ගියේ මොකටද කියලා රටට කියලා නැහැ. නමුත් ලබන වසර වන විට ණය ගෙවා ගෙවාගන්න බැරි සාගතයක් එන වසරක් බවට ලබන වසර පත්වෙනවා. නමුත් පාලකයන් විවිධ උත්සාහයන් ගන්නවා දූපත් හරි වෙන දෙයක් හරි වෙන ගිවිසුම් වලට ගිහින් හරි රටේ ස්වාධීපත්ය පැත්තකට දාලා හරි මුදල් හොයාගන්න.

මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයක් තිබ්බොත් අන්ත පරාජයකට පත් වෙනවා. එම නිසා පළාත් පාලන මැතිවරණය වසරකට දීර්ඝ කරගැනීමට ඉඩ තිබෙනවා. ඉන්දියාවේ මැදිහත්වීම නිසා පළාත් සභා මැතිවරණය බොහෝවිට පැවැත්වීමට ඉඩකඩ තියෙනවා . ඒ ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය හැටියට අපි ඉදිරිපත් වෙනවා වගේම ජයග්‍රහණයකුත් බලාපොරොත්තු වෙනවා” යැයි ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here