Home Hit චීන අධි තාක්ෂණික ඩ්‍රෝනයක් උතුර පරීක්ෂා කරයි. පුරාවිද්‍යා ගොඩනැඟිලිත් නිරීක්ෂණයට

චීන අධි තාක්ෂණික ඩ්‍රෝනයක් උතුර පරීක්ෂා කරයි. පුරාවිද්‍යා ගොඩනැඟිලිත් නිරීක්ෂණයට

162

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා ඉකුත් 15 වැනිදා උතුරු පළාතේ දින 03ක් විශේෂ සංචාරයක් ආරම්භ කරනු ලැබුවා.

එහිදී තානාපතිවරයා පේදුරු තුඩුවට ගොස් තිබූ අතර එම පෙදෙස නිරීක්ෂණය කරන අයුරු ද දක්නට ලැබුණා.

ඒ සඳහා අධි තාක්ෂණික ඩ්‍රෝන යානාවක් සහ එහි සවි කළ කැමරාවක් යොදා ගත් බව වාර්තා වනවා

කෙසේ වෙතත් චීනය සම්බන්ධයෙන් මෙරට තුළ සැක සංකා මතුවෙමින් ඇති වාතාවරණයක එලෙස ඩ්‍රෝන කැමරා යොදාගෙන කුමක් නිරික්ෂණය කළේ ද යන්න පිළිබඳව මේ වනතුරු අනාවරණය වී නොමැත.

හොං මහතා පසුව යාපනය පුස්තකාලය වෙත ද ගොස් ඇති අතර එහි දී පරිත්‍යාග කිහිපයක් ද සිදු කොට තිබෙනවා.

එම පුස්තකාල පරිශ්‍රයේ පිහිටි ඉන්දියානු මධ්‍යස්ථානය ද චීන තානාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වීම විශේෂත්වයක්.

මේ අතර එදින සවස් කාලයේ දී චීන තානාපතිවරයා උතුරේ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ගොඩනැගිලි කිහිපයක් ද නිරීක්ෂණය කොට ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ඔහුගේ සංචාරය නිමිත්තෙන් වවුනියාව නගරයේ ආරක්ෂාව ද තර කොට තිබූ බව ද සඳහන්.

එමෙන්ම සංචාරයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සමඟ මුහුදු කූඩැල්ලන් ගොවිපල නිරීක්ෂණයටද තානාපතිවරයා ගොස් තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here