Home Hit මහාචාර්යවරියක් රජරට සරසවියේ උපකුලපති ධූරයට

මහාචාර්යවරියක් රජරට සරසවියේ උපකුලපති ධූරයට

102

රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ජී.ඒ.එස්. ගිනිගද්දර මහත්මිය පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බව ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි උපාධිධාරිනියක වන සංජීවනී ගිනිගද්දර මහත්මිය රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකාර්මික පද්ධති පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කළා ය.

ඇය, තිරසාර ගොවිතැන් පද්ධති, තිරසාර කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාව ඇතුළු කෘෂිකාර්මික විෂයයන් පිළිබඳව පර්යේෂණ ද සිදුකළ මහාචාර්යවරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here