Home Hit ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

113

ප්‍රවීන සිනමා නළුවෙකු සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුනිල් සෝම පීරිස් වයස අවුරුදු 72ක්ව සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහරගම – වත්තේගෙදර පිහිටි සිය නිවසේ දී ඔහු අද අලුයම 5.30ට පමණ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයන් සඳහන් කළේ.

සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් එනම්, චිත්‍රපට 54ක් අධ්‍යක්ෂණය කළ ඔහු වාණිජ වශයෙන් සාර්ථක වූ සිනමා නිර්මාණ රැසකට ම දායක වුණා.

ඔහු අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට හත ම දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වූ අතර, අවසන් වරට ඔහු 2010 වසරේ දී ජයපිට ජය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා.

විජය කුමාරණතුංග රංගනයෙන් සහ එච්.ආර්. ජෝතිපාල ගායනයෙන් සම්බන්ධ කරගැනීම ද සුනිල් සෝම පීරිස්ගේ චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවමින් ජනප්‍රියත්වය ලැබීමට තවත් හේතුවක්.

දෙමළ සහ හින්දි චිත්‍රපට අනුකරණය කළ ද ඒවා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔහු සතු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here