Home Hit සංයුතිය වෙනස් කර ජනතාව අනතුරේ හෙළීම සම්බන්ධයෙන් සමාගමට එරෙහිව පියවර නොගන්නේ ඇයි?...

සංයුතිය වෙනස් කර ජනතාව අනතුරේ හෙළීම සම්බන්ධයෙන් සමාගමට එරෙහිව පියවර නොගන්නේ ඇයි? – තුෂාන් ගුණවර්ධන ප්‍රශ්න කරයි

138

“ගෑස් සිලින්ඩර්වල සංයුතිය වෙනස් කිරීමත්, ගන්ධයක් වහනය වීම සඳහා යොදන මර්කැප්ටන් ප්‍රතිශතය අඩු කිරීම ත්” හරහා ජනතාව අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර නොගන්නේ මන්දැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රශ්න කරනවා.

ගෑස් සංයුතියේ වෙනසක් කළ බවට අදාළ සමාගමේ බලධාරීන් ම පිළිගෙන ඇති තත්ත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් නොකිරීම ප්‍රශ්නකාරී බව mawbima.lk වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබෙනවා.

අදාළ සමාගම 100%ක් රජයට අයත් සමාගමක් බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වරදක් සිදු කර ඇත්නම් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ත් තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ගෑස්වල සංයුතියේ වෙනසක් කර ඇති බවත්, එමගින් ජීවිත ආරක්ෂාවට බලපෑමක් ඇති විය හැකි බවටත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික තුෂාන් ගුණවර්ධන මහතා ජූලි 27 වන දා ලිඛිතව දැනුම් දී තිබිණි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු වගකිව යුතු සියලු පාර්ශව වෙත එම ලිඛිත දැනුම් දීම කර තිබිණි.

ඔහු චෝදනා කරන්නේ, තමන් මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගත් බවට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here