Home Hit ගෑස් පිපුරුම් අස්සේ කාබනික දියර පොහොර කෑන් පුපුරා යයි

ගෑස් පිපුරුම් අස්සේ කාබනික දියර පොහොර කෑන් පුපුරා යයි

135

පදවිය ප්‍රාදේශීය කොට්ඨාශයේ රුවන්පුර ගොවීන්ට බෙදාදීම සඳහා ගෙනා පොහොර කෑන් පුපුරා යන බවට ගොවීන් චෝදනා කරනවා.

නැනෝ පොහොර යනුවෙන් සඳහන් පොහොර දියර පොහොර කෑන් 400ක් පමණ තමන්ට ලබාදුන් බවත් ඉන් සියයත් පමණ පුපුරා ඇති බවත් ඔවුන් කියා සිටිති.

මෙම දියර පොහොර වගාවන්ට යෙදීමද ඉතා අපහසු බවත් සමේ ආසාදන හට ගන්නා බවත් පවසන ඔවුන් පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන බව කියා සිටියහ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම පොහොර සම්බන්ධයෙන් නිසි අදහසක් නැති බව ද ඔවුහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here