Home Hit “මට දණගහලා වැඳපු එකා මඩ ගැහැව්වට මම ගණන් ගන්නේ නෑ” –...

“මට දණගහලා වැඳපු එකා මඩ ගැහැව්වට මම ගණන් ගන්නේ නෑ” – SF

292

තමන්ට දණ ගසා වැඳපු අමාත්‍ය සරත් වීරසේකර තමන්ට මඩ ගැසුවාට ගණන් නොගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

තමන් යුද හමුදාපතිවරයාව සිටියදී ගෙන්වූ ආයුධ නැවක් එවකට ආරක්ෂක ලේකම් වරයා නැවත හරවා යැවීම සම්බන්ධයෙන් කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

අමාත්‍ය සරත් වීරසේකර ප්‍රථමයෙන්ම ජනතාවට අවි පුහුණුව ලබාදීමට ගොස් පීචං වූ බවත් ඉන්පසුව ජාවාරම්කරුවන් පොලිස් රෝහලට ගෙන්වා මුදල් ලබාගෙන එන්නත් ලබාදී පීචං වූ බවත් අනතුරුව හංසමාලි ට යට ඇඳුම් යවා පීචං වූ බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියා.

රටේ පාලන බලය වෙනස් කිරීමට ඡන්දය භාවිතා කිරීමේදී සරත් වීරසේකර වැනි නිවට පුද්ගලයින් ප්‍රතික්ෂේප කරන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here