Home Coronavirus 2020 “උත්සව සමයේ ස්වයං නිරෝධායන නීති පනවාගෙන තම සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගන්න”

“උත්සව සමයේ ස්වයං නිරෝධායන නීති පනවාගෙන තම සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගන්න”

113

ඉදිරි උත්සව සමයේ ස්වයං නිරෝධායන නීති පනවාගෙන තම සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ මොහොතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය නොකළහොත් ඉදිරියේදී බලවත් ව්‍යසනකාරි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

“මේ වෙද්දි පෙරමග ලකුණු පහළ වෙලා තියෙනවා. විශාල ව්‍යසනයකට අපි තල්ලු වෙමින් සිටිනවා. සමාජයේ බොහෝ ස්ථානවලින් ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ නිසා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා රජයේ පාර්ශ්වයෙන් සෞඛ්‍ය බලධාරීන් යම් නිරෝධායන නීති සහ නිරෝධායන සීමා පැනවුවත් නැති වුවත් තමන්ගේ ජීවිත සහ තමන්ගේ රටේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න කියා. තමන් විසින්ම ස්වයං නිරෝධායන නීති පනවාගෙන උත්සවය සමරන්න උත්සාහ කරන්න. එහෙම නැති වුණොත් අපට අපේ ආශ්‍රිතයන් අහිමි වේවි. එහෙම නැති වුණොත් නිරෝධායන මධ්‍යස්ථානවල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඒ අය රඳවාගෙන උත්සව සමය ගතකරන්න සිදුවේවි කියලා මතක තබාගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here