Home Hit අද සහ හෙට විදුලිය කප්පාදුවක්

අද සහ හෙට විදුලිය කප්පාදුවක්

129

අද (07) සහ හෙට (08) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.

ඒ අනුව අද සවස 6 සිට රාත්‍රී 9.30 දක්වා කාලය අතරතුර පැයක කාලයක් තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඒ මහතා කියා සිටිනවා.

එම විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් අවශ්‍යතාවය අනුව එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා.

දිවයින පුරා ඉකුත් 03වනදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here