Home Hit ‘මම ගෙනාපු එකත් ලීක් – බිරිඳ පාවිච්චි කරන්න බෑම කිව්වා’ – SB

‘මම ගෙනාපු එකත් ලීක් – බිරිඳ පාවිච්චි කරන්න බෑම කිව්වා’ – SB

185

තමා මිලදීගත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයද කාන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.

ඊයේ (05) දින මාධ්‍යය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා

තමා මේ බව අදාල සමාගමේ සභාපතිවරයාට දැන්වූ විට සබන් පෙණ මගින් සිදු කරන පරීක්ෂණය නිවැරදි නොවන බවත් එලෙස සෑම සිලින්ඩරයකම සුළු කාන්දුවක් ඇති බවත් සභාපතිවරයා පැවසූ බවයි මන්ත්‍රීවරයාසඳහන් කරන්නේ.

සභාපතිවරයා එසේ පැවසුවද ජනතාවගේ බිය තුරන් නොවන බැවින් සියළුම ගෑස් සිලින්ඩර එකින් එක පරීක්ෂා කළ යුතු බවයි එස්.බී.දිසානායක මහතා පවසන්නේ.

කාන්දුවන ගෑස් සිලින්ඩර නැවත භාරගැනීමද ගෑස් මධ්‍යස්ථාන විසින් ප්‍රතික්ෂේප කරන බවත් එබැවින් මෙම ගැටළුවට කඩිනම් විසඳුම් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here