Home Hit SJB පාර්ලිමේන්තුව වර්ජනය කරයි – පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධයක්

SJB පාර්ලිමේන්තුව වර්ජනය කරයි – පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධයක්

99

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට සමගි ජන බලවේගයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් දා පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පහර දීමට එරෙහිව මෙම විරෝධතාව අරඹා තිබෙනවා.

එම රාජ්‍ය අමාත්‍යවරයාට සහ අනෙකුත් මන්ත්‍රී පිරිසට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විරෝධතාවට එක්වෙමින් ඔවුන් කියා සිටිනවා

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක වරයා කියා සිටියේ පක්ෂග්‍රාහී නොවී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කතානායකවරයා පෙනී සිටිය යුතු බැවින් අනිවාර්යයෙන් එම විනය කඩකළ පිරිස් වෙත ඔහු ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් එසේ නොමැතිනම් ඔහු කතානායක අසුනට නොගැලපෙන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here