Home Hit “බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බයත් නෑ. මොනවටවත් බය නෑ” –...

“බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බයත් නෑ. මොනවටවත් බය නෑ” – SM

226

මෙරටට ඩොලර් අර්බුදය කොතරම් බලපා තිබුණද අවශ්‍ය මොහොතට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උවමනා කරන ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්පාදනය කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

මෙරට සිටින්නේ ඉතාම දක්‍ෂ මුදල් අමාත්‍යවරයකු බවත් කොරෝනා වසංගතය මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා නොහිටින්න මේ රට විශාල අර්බුදයකට වැටෙන බවද ඊයේ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පැවසීය.

‘බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බයත් නෑ. මොනවටවත් බය නෑ’ යනුවෙන්ද අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here