Home Hit පරිසර සභාවේ රැස්වීම්වලට සහභාගිවීමට වන්නිල ඇත්තන්ට ZOOM

පරිසර සභාවේ රැස්වීම්වලට සහභාගිවීමට වන්නිල ඇත්තන්ට ZOOM

107

ජාතික පරිසර සභාවේ රැස්වීම්වලට සුම් තාක්ෂණය ඔස්සේ සහභාගි වීම සදහා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පරිසර සභාවේ මාසික රැස්වීම් හා හදිසි සාකච්ඡා සඳහා ආදිවාසී නායක වන්නිල ඇැත්තන්ව දඹානේ සිට කොළඹට නොගෙන්වන ලෙසයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත්තේ.

මේ අතර පරිසර සභාවේ සාමාජිකයෙක් වශයෙන් ආදිවාසී නායකවරයාව පත් කර ඇත්තේ පළමුවරට වීමද විශේෂත්වයක්.

මින් පෙර පරිසර සභාවේ සැසිවාර 13ක් පවත්වා ඇතත් ඒ කිසිදු අවස්ථාවක දී හෝ වන්නිල ඇත්තන්ව පත් කිරීමට පියවර ගෙන නැහැ.

සුරකිමු ගංගා වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ සහභාගි වෙමිනුයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට මෙම උපදෙස් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here