Home Hit වැලිගම නිවසක ගින්නකින් වයස අවුරුදු හතක පාසල් දැරියක් මරුට

වැලිගම නිවසක ගින්නකින් වයස අවුරුදු හතක පාසල් දැරියක් මරුට

157

වැලිගම වල්ලිවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවසෙහි පදිංචිව සිටි වයස හතක් වන පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම මුලස්ථාන පොලිසිය පවසනවා.

මෙම ගින්න ඊයේ(30) රාති දහයට පමණ සිදුව තිබෙනවා.

පිලිස්සී මියගිය දැරියගේ මව කොග්ගල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට රැකියාවට ගොස් නැවත නිවසට පැමිණීමට නියමිතව තිබිණි.

ඒ හේතුවෙන් වයස දහතුනක් වන වැඩිමහල් දියණිය සහ මියගිය දියණිය සහ මිත්තණිය නිවෙසෙහි තබා දරුවන්ගේ පියා විසින් වැඩට ගිය බිරිඳ රැගෙන ඒමට කප්පරතොට බස් නැවතුම්පොළ අසලට ගොස් තිබූ අතුරතුර මෙම ගින්න ඇතිවී තිබේ.

එහිදී ගිනි ගැනීමේ දී ඇතිවූ ශබ්දය හේතුවෙන් මිත්තනිය සහ වැඩිමහල් දියණිය නිවසින් එළියට පැන ගැනීමට කටයුතු කර ඇති අතර මෙම නිවස ගිනි ගැනීම දැක තිබු අසල්වාසීන් විසින් හැකි ඉක්මනින් ගින්න නිවා දැමීමට උත්සාහයක් දරා තිබුනත් එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි.

එහිදී වැලිගම පොලිසියේ සහය මත මාතර ගිනි නිවීමේ රථ දෙකක් ගෙන්වා හැකි ඉක්මනින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබිණි

කෙසේ නමුත් කාමරයෙ නිදාගෙන සිටි වයස හතක් වන දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් දැඩි ලෙස පිලිස්සීමට ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවිම විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු මෙහෙයවති .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here