Home Hit ගුණාත්මක භාවයක් මෙන්ම ප්‍රමිතියක් නැති දියර පොහොර වෙළඳපොළේ – රාජ්‍ය ඇමති පිළිගනී

ගුණාත්මක භාවයක් මෙන්ම ප්‍රමිතියක් නැති දියර පොහොර වෙළඳපොළේ – රාජ්‍ය ඇමති පිළිගනී

133

ප්‍රමිතියෙන් තොර ජෛව දියර පොහොර කූට ලෙස මිල ගණන් කැදවමින් විකුණන පුද්ගලයන් පිළිබඳ සොය බැලීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද (01දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ඒ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස සහකාර පොහොර අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඉකුත් 29 වැනිදා අම්බලන්තොට ජෛව දියර පොහොර වෙනුවට උක්කුඩු සහිත පොහොරක් ලබා දී ඇති බවට චෝදනා කරමින් එම දියර පොහොර තොගය නැවත බාරදීමට ගොවින් කටයුතු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here