Home Hit ඩොලර් නැතැයි කියා රට තුළ විදුලි කප්පාදුවකට ඉඩ නැහැ – ගම්මන්පිල

ඩොලර් නැතැයි කියා රට තුළ විදුලි කප්පාදුවකට ඉඩ නැහැ – ගම්මන්පිල

104

රටේ දැනට පවතින විදේශ විනිමය සහ රත්‍රං සංචිත සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියා.

ඩොලර් හිගය හමුවේ රට තුළ විදුලිය කපා හැරීමක් සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ රට තුළ විදුලි කප්පාදුවක් සිදු වීමට ඉඩ කඩක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී සඳහන් කළා

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.

මෙම සංවාදයට කතානායකවරයා මෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මැදිහත් වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය 06 වන දිනටත් අද පැවැත්වෙන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here