Home Hit පාන් ගෙඩියක අවම මිල රුපියල් 100ක් විය යුතුයි – සමස්ත ලංකා බේකරි...

පාන් ගෙඩියක අවම මිල රුපියල් 100ක් විය යුතුයි – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

119

තිරිගු පිටි ඇතුළුව අනෙකුත් යෙදවුම්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අවම වශයෙන් රුපියල් 100 ක් වත් විය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ වන විට රට තුළ දැවැන්ත තිරිගු පිටි හිගයක් ද පවතින බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්.කේ.ජයවර්ධන මහතාසඳහන් කරනවා.

ප‍්‍රථම වරට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18.50කින් ඉහළ ගොස් ඇති බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම සමාගම් විසින් පිටි මිල ඉහළ දැමූ බවත් ඔහු කියා සිටියා.

පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරන ජලය හැර අනෙක් සෑම යෙදවුමකම මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here