Home Coronavirus 2020 විකෘතිතා රැසකින් සමන්විත නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ ‘ඔමික්‍රොන්’

විකෘතිතා රැසකින් සමන්විත නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ ‘ඔමික්‍රොන්’

122

දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙනවා.

එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම නව ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබෙනවා.

මේ අතර ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවල් සඳහායි මෙම නියෝගය බලාත්මක වන්නේ.

ජනාධිපති ජෝ බයිඩ්න් නිකුත් කල නිවේදනයට අනුව අනිද්දායින් පසු මෙම රටවල සිට අමෙරිකාවට පැමිණීමට හැකි වනුයේ අමෙරිකානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවව්ට පමණයි.

මේ අතර යුරෝපා සහ ආසියානු රටවල් රැසක් මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදය තම රටවල් වෙත ඇතුලුවීම වළක්වා ගැනීම සඳහායි.

සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා ඇත්තේ දැනට ආසාධිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම රටවල සිට සිදුකෙරෙන සංචරණ වහා අත්හිටුවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here