Home Hit “ගෑස් කියන්නේ පුපුරන ජාතියක්” – කතානායක

“ගෑස් කියන්නේ පුපුරන ජාතියක්” – කතානායක

147

මෑතකාලීනව රට පුරා තැනින් තැන සිදු වූ ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිදු වීම් පිළිබදව අද පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා විය.

ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිදුවීම් හයක් සිදුව ඇති බව එහිදී ප‍්‍රකාශ විය.

එම අවස්ථාවේදී පොළොනන්රුව දිස්ත‍්‍රික් SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී කිනිස් නෙල්සන් මහතා ඊයේ දිනයේ දී වාර්තා වූ, ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම නිසා තුවාල ලබා රෝහල්ගතව සිට මිය ගිය 19 වියැති තරුණියගේ මරණය පිළිබදවද කතා කළේ ය. මියගිය තරුණිය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පදිංචිකාරියකි.

මෙම සාකච්ඡාව සදහා තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මැදිහත් වීමට උත්සාහ කරන බව පෙනුණි. එම අවස්ථාවේ දී සංවාදයට මැදිහත් වූ කතානායකවරයා ගෑස් කියන්නේ පුපුරන දෙයක් යැයි කියා සිටියේ ය.

එමෙන්ම ගෑස් ටැංකි පුපුරා යාමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here