Home Hit බඩ ඉරිඟු හොද්දේ යෝජනාවෙන් පසු ඩොලර් හිඟයට උද්දිකගේ අලුත්ම යෝජනා

බඩ ඉරිඟු හොද්දේ යෝජනාවෙන් පසු ඩොලර් හිඟයට උද්දිකගේ අලුත්ම යෝජනා

108

අලුත් අදහස් ඉවතලන ජාතිය ලොව ඉදිරියට ගමන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ, ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස දක්වමින්

රට මුහුණ පා සිටින ඩොලර් හිඟය මගහරවා ගැනීම සදහා යෝජනාවලියක් එහිදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, උද්දික ප්‍රේමරත්න විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මුහුද ගොඩ කර සත්තු වත්තක් සැදීම, හැලි අරක්කු (කසිප්පු), ගංජා වැවීම ආදිය මෙ‌හිදී සිදු කළ හැකි බවකි.

අර්බුදය ඇත්තේ විදේශයන්ගෙන් ආනයනය කිරීමෙහි නොව එය පිටුපස ඇති මානසිකත්වයෙහි බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම විදේශ විනිමය ඉපයීමට ගංජා යොදා ගැනීමට ඩයනා මන්ත්‍රීවරිය සිදු කළ යෝජනාවද කසිප්පු සම්බන්ධව අරුන්දික මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාවද ඔහු අගය කර සිටියා.

දූපතක් භාවිතා කර ධනකුවේරයන්ට සිත්සේ මුදල් වැය කළ හැකි Leisure Island එකක් සෑදිය හැකි බවත් පෝට් සිටිය වැනි ගොඩකළ බිමක සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවත් ඔහු පවසනවා.

මීට පෙරද මෙම නවක මන්ත්‍රීවරයා පරිප්පු වෙනුවට බඩ ඉරිඟු හොද්ද අනුභව කරන්නැයි ජනතාවට යෝජනා කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here