Home Hit සලේගේ පැමිණිල්ල ගැන CID ය නීතිපති උපදෙස් ලබාගැනීමට සූදානම්

සලේගේ පැමිණිල්ල ගැන CID ය නීතිපති උපදෙස් ලබාගැනීමට සූදානම්

99

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ ආචාර්ය ගරු සිරිල් ගාමිණි පියතුමන් ඇතුළු පාර්ශව කිහිපයක් සිදු කර ඇති චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳ කරුණු වාර්තා කරමින්.

විමර්ශන කටයුතු තවදුරටත් අවසන්ව නොමැති බවද එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙහි දී අධිකරණය නියෝග කර ඇත්තේ විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් දින තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here