Home Hit සනත් පූජිත විශ්‍රාම යයි – නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

සනත් පූජිත විශ්‍රාම යයි – නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

58

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස දැනට කටයුතු කරන සනත් පූජිත විශ්‍රාම යාම හේතුවෙනුයි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමේ ක්‍රමවේදය යටතේ ඉල්ලුම් පත්‍ර කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව එල්.එම්.ඩී. ධර්මසේන නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලබන සඳුදා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here