Home Hit “මතක තියාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මත”...

“මතක තියාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මත” – මෛත්‍රී

136

ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය දයාසිරි ජයසේකරට සිදු කළ පිළිතුරු කතාවෙන් පසු නැගී සිටි හිටපු ජනපතිවරයා කියා සිටියේ, තමන් ජනාධිපතිවරයා ලෙස රටට සැලකිය යුතු ආදර්ශයන් රැසක් ලබා දී ඇති බවයි.

ආණ්ඩුව තුළ පවතින මත ගැටුම පාර්ලිමේන්තුව තුළ හොඳින් විද්‍යමාන වූ මෙම සංවාදයේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුම් ඇති කරගත යුතු නැති බවයි.

එමෙන්ම ආණ්ඩුව මේ වනවිට පත් ව ඇති අප්‍රසාදයට සෘජුව ම වගකිව යුතු පුද්ගලයා කෘෂිකර්ම අමාත්‍යවරයා බවත් චෝදනා කළ හිටපු ජනපතිවරයා සිය දේශනය අවසන් කළේ ආණ්ඩුවක් විදියට කටයුතු කරන්නේ නම් අප සැම මිත්‍රශීලී ව කටයුතු කළ යුතු බවටයි.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ”මම හැමදේ ම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න අහිංසක මිනිහෙක්. අපිට ගහගෙන පුරුදු නෑ” යනුවෙනු යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here