Home Business විදෙස් ණය වාරික ගෙවන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර අවසන් – මහ බැංකු අධිපති

විදෙස් ණය වාරික ගෙවන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර අවසන් – මහ බැංකු අධිපති

105

ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති සියලුම විදෙස් ණය වාරික ගෙවා දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

ඒ අනුව විදෙස් ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙනවා.

මුදල් ප්‍රතිපත්ති තීරණ පිළිබද දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීමට මෙතෙක් තීරණය නොවීමට හේතු කිහිපයක්ද මෙහිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here