Home Hit ජනතාව ආරක්ෂා කරනවා කියලා, මුකුත් වුණේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත්වෙනවා –...

ජනතාව ආරක්ෂා කරනවා කියලා, මුකුත් වුණේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත්වෙනවා – කාදිනල් හිමිපාණනෝ

198

”පාස්කු ප්‍රහාරය පිටුපස මතුපිටින් පෙනෙන දෙයට යටින් වඩා විශාල වැඩපිළිවෙළක් තිබී ඇතැයි වැටහෙන බව” කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනෝ පවසති.

වාද්දුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

උන්වහන්සේ අවධාරණය කළේ, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කෙතරම් පැවසුව ද බලධාරීන් එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව ය.

එසේ කළ නොහැකි නම්, එම නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි අයෙකුට එය භාර දෙන ලෙස කාදිනල් හිමිපාණනෝ වැඩිදුරටත් පැවසූහ.

“මේ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නාට්‍යයක් රඟපාන නළුවෙක් නිසා නෙමෙයි. මේක විහිළුවක් නෙමෙයි. මේ තනතුර දරනවා නම් ජනතාවගේ දුකේදී සැපේදී ඔවුන් සමග සිටින්නට ඕනේ. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය, ජනතාව ආරක්ෂා කරනවා කියලා, ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා පොරොන්දු දුන්නු උදවිය මුකුත් වුණේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත්වෙනවා. ඒක තමයි අපිට හුඟක් දුරට දරාගන්න බැරි කාරණාව.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට අපි කොච්චර කිව්වත් බලධාරීන් කටයුතු කරන්නේ නෑ. ඒක එහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගෙත් තියෙනවා ද මේ ප්‍රහාරවලට? කියලා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ඒ සැකය දුරු කරන්නට නම් ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියෙන හැම දෙයක් ම ක්‍රියාවට නංවන්නට කටයුතු කරන්න. එයාලට ඒක කරන්න බැරි නම්, අඩුගානේ කරන්න පුළුවන් එක්කෙනෙකුට හරි ඒක කරන්න භාර දෙන්න ඕනේ. මෙතන අපිට දේශපාලනයක් නෑ. මෙතන අපි රජයට විරුද්ධව කටයුතු කරන කට්ටියක් නෙවෙයි. අපිට ඕනේ සාධාරණය සහ අපිට ඕනේ සත්‍ය මොකක් ද? මොකක් ද මෙතන වුණේ කියන එක දැනගන්නයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here