Home Hit මහින්දානන්ද මොණරෙක් වගේ පිල් විදහා නැටුවට පස්ස එළියේ – දයාසිරි ජයසේකර

මහින්දානන්ද මොණරෙක් වගේ පිල් විදහා නැටුවට පස්ස එළියේ – දයාසිරි ජයසේකර

90

ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ නායකයන්ට විවේචන කිරීමෙන් එය විශාල අර්බුදයකට පත්විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කෘෂිකර්ම ආමත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ අද (25දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මහින්දානන්ද මහතා කළ ප්‍රකාශ කිහිපයක් තිබුණා. රුපියල් බිලියන 3.7ක් අවසන් වසරේ ජනාධිපතිවරයාගේ වියදම විදියට තිබුණා. අද 2022 මේ අවුරුද්දට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බිලියන 1.7ක් පාවිච්චි කරා කියන කාරණය කිව්වා. 2018 දී ග්‍රාම ශක්ති වලට විතරක් රුපියල් මිලියන 2000ක් වැය කරලා තිබෙනවා. ආහාර නිෂ්පාදනයට රුපියල් මිලියන 500ක්. අද ඒක සම්පූර්ණයෙන් ඉවත් කරලා තිබෙනවා. ජනාධිපතිවරයා ගාව අද ඒ වැය ශීර්ෂය නෑ. මහින්දානන්ද මහතා වාහන 200ක් කියලා කියනවා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ කතාවේ වාහන 386ක් තිබුනා කියලා.

මම අහනවා මොකක්ද මේකෙන් හරි එක. අද ජනාධිපති වාහන 03න් යනවා. ඒක ඉතාම හොඳයි. ඒත් මතක තියාගන්න ඕන වාහන ෆීලීට් එකක් තියෙනවා ජනාධිපතිවරයාට. අපි මේවා නොදන්නවා නෙවෙයි. අද ජනාධිපතිවරයා කොළඹ රැස්වීමක් තිබෙනවා නම් ඒකට වාහන 03න් යනවා. ඊලගට අනුරාධපුරයේ තිබෙනවා නම් තව වාහන 03ක් අනුරාධපුරයට යනවා. ඒ නිසා වැදගත් විදියට කල්පනා කරලා කතා කරන්න.

මේවා කතා කරන්න ආවොත් අපිට ගොඩක් දේවල් කතා කරන්න පුලුවන්. මහින්දානන්ද මහතා මේ පළවෙනි අවස්ථාව නෙවෙයි මේ කාරණය කිව්වේ. එක පාරක්, දෙපාරක්, තුන්පාරක් කියලා මේක නතර කරනවා නම් අපිට ඉවසන්න පුලුවන්. ඒත් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 14ක් නියෝජනය කරන ප්‍රධාන පක්ෂ නායකයාට, හිටපු ජනාධිපතිට මඩ ගහනකොට අපිට ඉවසගෙන ඉන්න බෑ.

මහින්දානන්ද මහතා මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. ඒත් පස්ස එලියේ දාගෙන ඉන්නේ. එතුමාට කියනවා මම ඔය වල හාරන එකනේ කරන්නේ. ඔය වල තව හාරන්න. වල හාරද්දි තව කුණු ගඳ එනවා පහලට ගියාම. පක්ෂ නායකයාට ගහලා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න හැදුවොත් මේක විශාල අර්බුදයකට යන තත්ත්වයකට පත්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here