Home Hit රසායනික පොහොර ආනයනයට ඉඩ දීමත් සමඟ පොහොර සහනාධාර ක්‍රමය අහෝසියි – විපක්ෂ...

රසායනික පොහොර ආනයනයට ඉඩ දීමත් සමඟ පොහොර සහනාධාර ක්‍රමය අහෝසියි – විපක්ෂ නායක

62

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(25) පෙරවරුවේ ලූණුගම්වෙහෙර බෙරලිහෙල ගොවි ජනතාව මුණ ගැසුණේ නගරයෙන් නගරය ගමින් ගම දොරින් දොරල ජනතා ගැටළු විමසන වැඩ සටහනේ තවත් අදියරකට ය.

ගොවි හමුවේදී පක්ෂ නායක තුමා පල කළ අදහස්වල අන්තර්ගත වැදගත් කරුණු මෙසේය.

◾රසායනික පොහොර ආනයනයට ඉඩ දීමත් සමග දශක 6ක් රට තුල ක්‍රියාත්මක වු පොහොර සහනාධාර ක්‍රමය අහෝසි වනබව විපක්ෂ නායකතුමා පැවසීය.

මෙරට ගොවි ජනතාවට කළ බරපතළ හානියක් බව ද ඒ මහතා පැවැසීය.

◾මිට පෙර යුරියා මෙට්‍රික් ටොන් එකක් ආනයනය සදහා ඩොලර් 397 ක් ගෙවු නමුත් දැන් ඒ සදහා ඩොලර් 1000ක් ගෙවන්න සිදු වන බවත් ඒ අනුව කිලෝග්රෑම් 50ක යුරියා මිටියක් ආනයනය සදහා අද වන විට රුපියල් 10,200ක්’ වැය කිරිමට සිදු වෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ මුදල ගොවින්ට දරා ගැනීමට නොහැකි බවද පැවසීය.

◾පොහොර ආනයනය සදහා අනුමැතිය දුන් පමණින් එම ක්‍රියාවලිය සිදු වන්නෙ නැති බවත් රජය ඒ සදහා ණයවර ලිපි නිකුත් කිරිමට අවශ්‍ය පහසුකම් අදාල ආයතන සදහා සැපයිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා ,එනමුත් පවතින ඩොලර් හිගය මත බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රවණතාව අඩු වි තිබෙන බවත් පැවසීය.මේ තත්ත්වය තුල පොහොර ආනයන ක්‍රියාවලිය යලි අඩපන විමක් සිදුවන අතර ඒ හරහා ල අප පොහොර ආනයනයට අවසර ලබා දුන්නත් අදාල ආයතන ඒවා ගෙන්විම නොකරන බවට ආණ්ඩුව ව්‍යාජ මතයක් ගොඩනැගීමට උත්සාහ දැරිය හැකි බවද විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

◾කාබනික වී කිලෝ එකක් සදහා රජය රුපියල් 80 ක සහතික මිලක් ලබා දෙන බවට ආණ්ඩුවේ සමහර ඇමතිවරු පොරොන්දු වුවත් ඒ සදහා කිසිදු ප්‍රතිපාදනයක් අය-වැයෙන් වෙන් කර නැති අතර ආණ්ඩුව ඒ හරහා ද සිදුකොට ඇත්තේ ගොවි ජනතාව රැවටවීම බව විපක්ෂ නායකතුමා පැවසීය.

◾වර්තමානයේ පවතින තත්ත්වය තුළ, වී අස්වැන්න අඩූ වනවා පමණක් නොව බිත්තර වී නිෂ්පාදනය පවා ඒ හේතුවෙන් අඩු වන බවත් එම නිසා ඉදිරි කන්න සදහා ප්‍රමාණවත් බිත්තර වී පිටරටින් ආනයනය කිරිමේ තත්ත්වයක් ඉස්මතු වනු ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් සිදු වන්නේ මෙරටට අහිතකර දිලීර වර්ග මෙන්ම ගුණාත්මක බවින් අඩු බීජ ගෙන්වීමට සිදුවීම බවද බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here