Home Hit ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක තහනම ඉවතට

ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක තහනම ඉවතට

111

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් භාවිතය සහ අලෙවිය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කෙරුණා.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් එම නිවේදනය නිකුත් කර ඇත්තේ, පළිබෝධනාශක පනත යටතේ ඔහු වෙත පැවරී ඇති බලතළ ප්‍රකාරවයි.

පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මහජන යහපත උදෙසා එම පියවර ගනු ලැබූ බවයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සිය ගැසට් නිවේදනයේ සදහන් කර ඇත්තේ.

අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද සහ කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් භාවිතය හෝ විකිණීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ 2014 වසරේ දෙසැම්බර් 22 වන දායි.

නව ගැසට් නිවේදනය මගින් එම නියෝගය අවලංගු කර තිබෙනවා.

No photo description available.
No photo description available.

ග්ලයිෆොසෙට් මෙන්ම ප්‍රොපනිල් වල්නාශකය, සඳහා පැනවූ තහනම මෙලෙස ඉවත් කර ඇති අතර, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන කෘමිනාශක සඳහා පැනවූ තහනම ද මෙලෙස ඉවත් කෙරෙනවා.

1977 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ග්ලයිෆොසෙට් මෙරට කෘෂිභෝග රැසක පළිබෝධනාශකයක් ලෙස භාවිත කෙරුණා.

2014 වසරේ දී තහනම් කිරීමත් සමඟ එය විශේෂයෙන් මෙරට තේ වගාව සඳහා ඇති කළේ විශාල බලපෑමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here