Home Business බිත්තර මිල ඉහළට

බිත්තර මිල ඉහළට

170

බිත්තර මිල දින කීපයක් තුළ ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසනවා.

බිත්තර තොග මිල ඉහළ යෑම නිසා බිත්තරයක සිල්ලර මිල රුපියල් 23 ත් 25 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ සඳහන් කරනවා.

සුදු බිත්තරයක් රුපියල් 22කට සහ රතු බිත්තරයක් රුපියල් 23කට තොග මිලට ඊයේ බිත්තර අළෙවි වූ බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් කියා සිටියා.

බිත්තරයක් රුපියල් 21 බැගින් ලබාදිය හැකි බව කොළඹ ප්‍රදේශයට බිත්තර තොග සපයන බිත්තර නිෂ්පාදකයෙක් සඳහන් කළා.

මේ අතර කුකුල් මස් මිල පානය ඉවත් කිරීමෙන් පසුව කුකුල් මස් මිල ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. පාලන මිල යටතේ රුපියල් 460ක්ව පැවැති කුකුල් මස් කිලෝවක් මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 660ත් 710ත් අතර මිලකට අළෙවි වන බව වාර්තා වනවා.

බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here