Home Hit ‘ජනාධිපති ළඟ ඉන්න නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි’

‘ජනාධිපති ළඟ ඉන්න නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි’

175

ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ නිලධාරීන් කරන නාස්තිය නවත්වා එම මුදල් අහිංසක සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේ‍ය.

ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ වාහන තුනක් පමණක් බවත් එය අගය කරන බවත් ඔහු කීවේය.

වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

හදිසි තීරණ ගත් නිසා කෘෂිකර්මාන්තයෙන් ලොකු අස්වැන්නක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නැතිව ගිය බවත් සංචාරක කර්මාන්තයද අද බිමටම වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අද යන තත්ත්වය අනුව රට බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වේ දැයි සැකයක් මතුවන බවත් නාස්තිකාර වියදම් අඩු කරන දැක්මක් රටේ තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වාහන ගෙන්වීම සීමා කර තිබියදීත් රටේ ආනයන වියදම වැඩිවී ඇතැයි පැවසූ හෙතෙම මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වැඩපිළිවෙළේ අඩුවක් පවතින බව යැයිද ප්‍රකාශ කළේ‍ය.

තේ වලට කුරුඳුවලට පොහොර නැතුව අපේ ප්‍රදේශවල ජනතාව දුක් විඳින බවත් අද යූරියා මිටියක් රුපියල් දහදාහක් බවත් චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here