Home Hit රටට, ජනතාවට, ජනපතිට සහ අගමැතිට ආශිර්වාද පතා රුවන්වැලි මහ සෑ පුදබිමේ ආගමික...

රටට, ජනතාවට, ජනපතිට සහ අගමැතිට ආශිර්වාද පතා රුවන්වැලි මහ සෑ පුදබිමේ ආගමික වතාවත් (PHOTOS)

103

මෙරට ක්‍රියාත්මක නව දේශපාලන වැඩපිළිවෙළ සඳහා රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහාය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආශිර්වාද පිංමකට ඊයේ එක් වූ අවස්ථාවේ සිදු කළ විශේෂ අනුශාසනාවකදීයි.

මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට සහ රටට ජනතාවටත් ආශිර්වාද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්, අනුනා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ

May be an image of 5 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 8 people, people standing and outdoors
May be an image of 4 people and people standing
May be an image of 1 person
May be an image of 3 people, people sitting and indoor
May be an image of 1 person, outdoors and tree
May be an image of 2 people, outdoors and tree
May be an image of 3 people and outdoors
May be an image of 3 people, tree and outdoors
May be an image of 3 people, people standing, outdoors and tree

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here