Home Hit අමාත්‍යවරු පත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අමාත්‍යවරු පත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

126

ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරමින් එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එය ඉදිරිපත් කර ඇත්තේ වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින්.

වත්මන් අමාත්‍ය මණ්ඩලය සාමාජිකයින් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 – 1 – අ සහ ආ ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු සඳහන් කරනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලය, සියලුම රාජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලෙක්ම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 82 දෙනෙකු නම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here