Home Coronavirus 2020 ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

129

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛලය ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙනවා.

මීට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here