Home Hit A.B. ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියට සමු දෙයි

A.B. ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියට සමු දෙයි

219

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී.ඩි.විලියර්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන බව අද නිල වශයෙන් ප්‍රකාශ කළා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ, පණිවිඩයක් නිකුත් කරමින් ඩිලිලියර්ස් කියා ඇත්තේ, සිය ක්‍රිකට් ආම්පන්න රාක්කයේ තැබීමට කාලය එළැඹී ඇති බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවාර පනහ සහ පන්දු වාර විස්ස තරග කාණ්ඩයේ සුපිරි දක්ෂතා ප්‍රකට කළ ඩි.විලියර්ස් සැළකෙන්නේ, දකුණු අප්‍රිකාව එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ප්‍රහාරාත්මක පිතිකරුවා ලෙසට යි.

ක්‍රීඩා පිටියේ සෑ ම අන්තයක් ම ඉලක්ක කරමින් පන්දුවට පහර දීමට ඩි විලියර්ස් දැක් වූ දක්ෂ්තා හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින් ඔහු ව හැඳින්වූයේ මිස්ටර් 360 යන අන්වර්ථ නාමයෙන්.

පන්දුවාර විස්ස සහ පන්දුවාර පනහා වේගවත්ම අර්ධ ශතකය ශතකය හා ලකුණු 150 යන වාර්තාවන් තවත් ලියැ වී ඇත්තේ මේ සුපිරි ප්‍රහාරකයාගෙ නම ඉදිරියෙන්.

ඩි විලියර්ස්ගේ වර්ණවත් ක්‍රිකට් දිවිය තුළ ඔහු සහභාගි වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 114ක්.

එහි දී ඔහුගේ පිත්තෙන් දකුණු අප්‍රිකාවට එක් කර ඇති ලකුණු සංඛ්‍යාව 8765ක්.

එමෙන්ම, ඩි විලියර්ගේ නම ඉදිරියේ එක්දින තරග 228ක් ද ලිය වී ඇත්තේ, ලකුණු 9577ක් සමඟයි.

ඔහු විස්සයි විස්ස තරගවල දී ලකුණු 1672ක් රැස් කරගෙන ඇත්තේ, තරග 78ක දී දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින්.

ලොව ක්‍රිකට් ලීගවල වඩාත් මිල අධික හා ආකර්ෂණීය ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ආ.බී.ඩී.විලියර්ස් ඉන්දීය ප්‍රීමියර් ක්‍රිකට් ලීගය තුළ දී තරග 184කට එක් වී ලකුණු 5162ක් රැස් කරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here