Home Business ‘දෙනවා වෙනුවට ජනතාවගෙන් ගන්න වෙයි’ මුදල් ඇමති කියූ, 2022 අයවැය අද පාර්ලිමේන්තුවට

‘දෙනවා වෙනුවට ජනතාවගෙන් ගන්න වෙයි’ මුදල් ඇමති කියූ, 2022 අයවැය අද පාර්ලිමේන්තුවට

456

2022 වසර සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ අයවැය ඉදිරිපත් කරනු ඇති අතර එය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය වේ

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරු 2 ට ආරම්භ කෙරෙන අතර

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ද මෙය වනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 7 වැනි දා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5,128ක්.

අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුළු කිරීමට පෙර සියලු දෙනා කොරෝනා පරීක්ෂණයකට ලක් කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here