Home Hit මම නම් කිව්වොත් ඔබතුමාලගේ රෙදි ගැලවෙනවා – හේෂා

මම නම් කිව්වොත් ඔබතුමාලගේ රෙදි ගැලවෙනවා – හේෂා

158

ඉඩම් ඇමැතිවරයා කොළඹ ව්‍යාපාරිකයන් සහ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 34 දෙනෙකුට සීතල සැප ගැනීමට සූරියකන්ද පනිලකන්ද ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අක්කර 4, 8, 10 බැගින් ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

සමහරුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ සිය බිරින්දෑවරුන්ගේ නම් වලට බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතුකරමිනි.

කෙසේ වෙතත් ජනතාව ඒ අයට මේ ඉඩම් වලට යෑමට ඉඩදී නැතැයි පැවසූ විතානගේ මහතා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩම් මංකොල්ලය මේ දිනවල ජයටම සිදු වන බවද ප්‍රකාශ කළේ‍ය.

මෙසේ ඉඩම් බෙදා දී ඇත්තේ එම ප්‍රදේශයේ අට සියයකට වැඩි පිරිසක් ඉඩම් නැතිව සිටියදී බවත් මෙම තත්වය සැලකිල්ලට ගෙන එම ගිවිසුම් අහෝසි කරන්නැයි තමා ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ මුඩු ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට තීරණය කර ඇති බවයි.

ව්‍යවසායකයන්ට මෙවැනි ඉඩම් අක්කර 5ට අඩුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් ඕනෑම අයකුට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here