Home Hit රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා – විපක්ෂ නායක

රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා – විපක්ෂ නායක

137

රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රජය ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් මෙම අවිද්‍යාත්මක අන්තනෝමතික තීරණය තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවකට බලපා ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා අපනයන බෝගවලට තිබූ කීර්ති නාමය මේ හරහා විනාශ වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

විපක්ෂනායකවරයාගේ ප්‍රකාශයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිතුරු ලබාදුන්නා.

එහිදී ඔහු අවධාරණය කළේ රටේ ආහාර සුරක්ෂිතභාවයට හෝ ගොවියාට හානිවන ආකාරයේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here